අධ්‍යාපනික

සමුගත් පුතුගේ උපාධි සහතිකය ගන්නට පැමිණ දරාගත නොහැකි වේදනාවෙන් හඬා වැටී සභාවම කම්පා කළ අම්මා !

ඊයේ (20) යාපනය විශ්ව විද්‍යාලයේ පැවති උපාධි ප්‍රධානෝත්සවයේ දී හඬා වැටෙමින් සිය පුත්‍රයාගේ උපාධි සහතිකය ලබා ගත් සිංහල මවකගේ වේදනාව මුළු සභා ගර්භයම කම්පනයට පත් කළේය.

එවකට යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධව වවුනියාව විශ්ව විද්‍යාල මණ්ඩපය පැවති කාල වකවානුවේ දී මෙම මවගේ පුතා වන දිසානායක මුදියන්සේලාගේ හෂාන් සාගර දිසානායක උපාධි පරීක්ෂණයට පෙනී සිටීමෙන් අනතුරුව යතුරු පැදි අනතුරකින් මිය ගියේය. ඒ ඔහු ජීවත් වූ අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේදී ය.

ඔහු උපාධි පරීක්ෂණය සමත් වී සිටියේය. ජීවතුන් අතර නැති ඔහු වෙනුවෙන් උපාධි සහතිකය ලබා ගැනීමට මව පැමිණ සිටියා ය.

සිසුවාගේ නම ප්‍රකාශයට පත් කිරීමත් සමගම වේදනාව දරාගත නොහැකි මව ඉකි ගසමින් හඩා වැටෙන්නට වූවාය.

සභා ගර්භයේ සිටි සියලු දෙනාගේ හදවත් මොහොතකට නැවතී තිබිනි. ශිෂ්‍යාගේ සහෝදර සිසුහු ද ඒ අවස්ථාවේ දී කදුළු සලමින් හඩා වැටෙමින් සිටියහ.

මේ සංවේදී මොහොතේ එම මවට සිය පුතුගේ උපාධි සහතිකය ලබා ගැනීමට බොහෝ වේලාවක් ගත වූ අතර සහතිකය ප්‍රධානය කළ යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සී. පද්මනාදන් එම මව සමග කතා කොට ඇයව අස්වසනු ලැබීය.

-ලංකාසර-

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago