“OnmaxDT” පිරමීඩ කණ්ඩායමේ දකුණේ නියෝජිත පින්තාරු කරුට හිමි කෝටි දෙක හමාරක BMW රථයක් ගිනි අරන් !

(OnmaxDT) ඔන්මැක්ස් ඩී.ටී පිරමීඩ ව්‍යාපාරයේ දකුණේ නියෝජිතයෙක් ලෙස කටයුතු කරන පින්තාරු කරුවෙක් ලෙස රැකියාව කළ පුද්ගලයෙක් සිය බිරියගේ නමට මිලදී ගෙන තිබූ රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් වටිනා බී.එම්.ඩබ්ලියු රථයක් නිවසේ නවතා තිබිය දි කිසියම් පිරිසක් විසින් ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇතැයි එම පුද්ගලයා හුංගම පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

ඊයේ රාත්‍රියේ 10.30ට පමණ රන්න, වීරෝධාර මාවතේ අංක 144 දරන සිය නිවසේ නවතා තිබූ රථයට ගිනි තැබූ බව මෙසේ පැමිණිලි කර ඇත්තේ ප්‍රගීත් සංජීව දසනායක (39) නැමැති පුද්ගලයෙකි.

මේ පුද්ගලයා දකුණේ ජනතාවගේ කෝටි ගණනක මුදලක් වංචා කිරීම සම්බන්ධව සමාජයෙන් චෝදනා එල්ල වූ අයෙකි.

ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන් වාහනය විකුණා දමා පුද්ගලයින්ගේ ණය මුදල් ගෙවීමට සූදානම්ව සිටිය දි මෙසේ නාඳුනන පිරිසක් පැමිණ වාහනයට ගිනි තබා ඇති බවය.

එහෙත් විමර්ශන අංශ පවසන්නේ මේ සම්බන්ධව යම් සැකයක් මතුවන බවය. නිවසට පිරිසක් පැමිණ වාහනය ගිනි තිබ්බා ද, වාහනයේ රක්ෂණ මුදල ලබා ගැනීමට හෝ වෙනයම් සැලසුම් සහගත වංචාවකට ඔහු විසින්ම වාහනයට ගිනි තබා ගත්තා දැයි සොයා බැලිමට විමර්ශන ආරම්භ කර ඇති බවය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago