අඟුරුවාතොටදී ඝාතනයට ලක් වූ මව සහ දියණියගේ අවසන් කටයුතු සිදු වෙද්දී සුසාන භූමියේදී දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ බව පොලිසිය කියයි ඉකුත් 18 වැනි දා පස්වරුවේ අතුරුදහන් වූ මෙම මවගේ සහ ඇඟේ කුඩා දියණියගේ මළ සිරුරු පසුව රත්මල්ගොඩ ප්‍රදේශයේ කැලෑවකට විසිකර තිබියදී සොයාගත්තේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇගේ සැමියගේ මස්සිනා පොලිස් අත්අඩංගුවට පත් විය.
ඝාතනය ලක් වූ මවගේ සහ දියණියගේ සිරුරු ඊයේ ඇය පදිංචිව සිටි නිවෙසට රැගෙන ආ අතර ඇගේ සිරුරු තැන්පත් කර තිබූ පෙට්ටියට ද සිල් තබා තිබිණි.
කෙසෙල්හේනාව රාජමහා විහාරවාසී බටුගම්පළ ගුණරත්න හිමියන් ඇතුළු මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළහ.
මවගේ සහ දියණියගේ නිසල සිරුරු අවමංගලල පෙරහරින් සුසාන භූමියට රැගෙන ගියේ සතර පෙරුවක ඥාතී්න්ගේ දුක් අඳොනා මැදය.
දේහයන් භූමදානය කිරීමෙන් පසු මියගිය කාන්තාවගේ සහ සැමියාගේ පාර්ශවයේ දෙපිරිසක් අත ඇති වීමට ගිය ගැටුම අඟුරුවාතොට පොලිසිය සහ අමතර කණ්ඩායම් කැඳවා සිද්ධිය සමථයකට පත් කිරීමට කටයුතු කළේය.
සිය ගණනකගේ තම ඥාතීන්ගේ සෝ සුසුම් මැද අද සවස මවගේ සහ දියණියගේ සිරුරු භූමිදානය කරද්දී දෙපිරිස අතර ගැටුමක් ඇති විය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…