ක්‍රිකට්

ජයන්ත ධර්මදාස, ශලනිව ඕස්ට්‍රේලියා අරන් ගියේ ක්‍රිකට් උගන්වන්නද?

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති පන්දු වාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස විසින් ක්‍රිකට් ආයතනයේ වියදමින් ජනප්‍රිය නිළි ශලනි තාරකා සහභාගී කරවාගෙන ඇත්තේ ඇයට ක්‍රිකට් උගන්වන්නට දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ප්‍රශ්න කරනවා.

ඒ, 2022 වසරේ පැවැති පන්දුවාර 20/20 ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රිකට් ආයතනයේ වියදම් සම්බන්ධ විගණකාධිපති කෙටුම්පත් වාර්තාවේ කරුණු අනාවරණය කරමින් අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

මේ අතර, මෙම තරඟාවලිය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මට්ටමින් සහභාගී වූ අමුත්තන් 22 ක් අතරින් සිඩ්නි හි සුඛෝපභෝගී හෝටල් කාමරයක් සඳහා ප්‍රකට නිළි ශලනි තාරකා සහ එහි උප සභාපති ජයන්ත ධර්මදාස නමට ලක්ෂ 37 ක බිලක් ගෙවා ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණා.

එම ක්‍රිකට් තරඟ නැරඹීම සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් ආයතන නිළධාරීන් ඒ සඳහා රුපියල් කෝටි හය හමාරක් පමණ වැය කර ඇති බවයි සමාජ මාධ්‍ය වාර්තා වල වැඩි දුරටත් සඳහන් වන්නේ.

මින්පෙර අප විසින් හෙළිදරව් කල ජාතික විගණන කාර්යාලයේ විගණන වාර්තාවෙන් හෙළිවූ ශ්‍රී ලංකා ක්‍රිකට් වංචාවන් පිලිබඳ ලිපියට මෙතනින් පිවිසෙන්න 

මේ පිළිබඳව විගණකාධිපති වාර්තාව පිලිබඳ පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සිදුකල හෙළිදරව්ව පහතින්,

සම්පුර්ණ විගණකාධිපති වාර්තාව මෙන්න,

summary-

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago