ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කැදවා තිබෙනවා.
ඩෙංගු රෝගය ආසාදනය වීම හේතුවෙන් ඔහු පළමු ටෙස්ට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබුණේ නැහැ.
මෙම නම් කිරීම හැරුණු විට පළමු ටෙස්ට් තරගයට නම් කළ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට වෙනත් කිසිදු වෙනසක් සිදු කර නැහැ.
අසිත වෙනුවට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ඩිල්ෂාන් මදුෂංක පළමු තරගය සදහා වන ටෙස්ට් සංචිතයට ආදේශ කර තිබුණා.
ටෙස්ට් වරම් දිනා නොමැති දග පන්දු යවන ක්‍රීඩක ලක්ෂිත මනසිංහ ද සංචිතයට ඇතුළත්.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පාකිස්තානය කඩුලු 4 ක ජයක් වාර්තා කළ අතර, දෙවැනි තරගය හෙට (24) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
සංචිතය –
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…