ශ්‍රී ලංකා

‘ජනජය සිටි’ සම්පූර්ණයෙන්ම අසාර්ථක ව්‍යාපෘතියක් – කෝප් කමිටුවේදී හෙළිවූ කරුණු මෙන්න !

රුපියල් කෝටි පනස් පහක් වැය කරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව රාජගිරියේ ඉදිකර තිබෙන ජනජය සිටි සුපිරි වෙළෙඳ සංකීර්ණය සම්පූර්ණයෙන්ම අසාර්ථක ව්‍යාපෘතියක් බව අනාවරණය වී තිබේ.

මේ බව අනාවරණය වී ඇත්තේ පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව)ය.

මෙම වෙළෙඳ සංකීර්ණයේ මාසික නඩත්තුව සඳහා පමණක් මාසිකව රුපියල් කෝටියක පමණ මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බවත් එහිදී හෙළි වී ඇත.

මෙම සංකීර්ණය ඉදිකර ඇත්තේ රාජ්‍ය පාරිපාලන අමාත්‍යාංශ‍ය යටතේ ඇති දේශීය ණය සංවර්ධන අරමුදලෙන් ලබාගත් ණයකින් වන අතර මේ වනවිට එම ණය මුදල සම්පූර්ණයෙන්ම පියවා දැමීමට මහ නගර සභාව කටයුතු කර තිබේ.

ණය මුදල පියවා ඇතත් ව්‍යාපෘතිය මහ නගර සභාවට බරක් වී තිබෙන බවට මෙහිදී සාකච්ඡාවට භාජනය වී ඇත.

මෙම ණය මුදල අනුමත කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස තමන් වරින් වර කළ ඉල්ලීම නොතකා ව්‍යාපෘතිය සඳහා ණය ලබා දීමට එම අරමුදල කටයුතු කළ බව මෙම කාරක සභාවට එක්ව සිටි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිවරයෙක් සඳහන් කර තිබේ.

පළාත් පාලන ආයතනවල සංවර්ධන ව්‍යාපෘති සඳහා පිහිටුවා ඇති මෙම අරමුදලෙන් මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් නොමැති බවට කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර එහිදී චෝදනා කර තිබේ.

එම අරමුදලේ සභාපති, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අසෝක සඳහන් කර ඇත්තේ ප්‍රමුඛතාව ලබා දියයුතු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන බවය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago