අලුත උපන් බිලිඳු මළ සිරුරක් කෙසෙල්ගමු ඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක තිබි අද (24) හමු වුණ බව නෝර්වුඩ් පොලිසිය පවසනවා.
හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ සාන්ත ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කුඩා පාලමක් යට ඇළ මාර්ගයේ තිබි මෙම බිලිඳු මළ සිරුර සොයා ගත් බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.
එම මාර්ගයේ ගමන් ගත් වතු කම්කරුවන් පිරිසක් කෙසෙල්ගමු ඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයේ පොලිතින් උරයක දමා බිලිඳු මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට නෝර්වුඩ් පොලිසියට කළ දැනුම් දීමක් මත නොර්වුඩ් පොලිසිය විසින් බිලිඳු මළ සිරුර සොයාගෙන තිබෙනවා.
අලුත උපන් බිලිඳාගේ සිරුර ඇළ මාර්ගයට ගෙනැවිත් දමන්නට ඇති බවට නොර්වුඩ් පොලිසිය සැක කරනවා.
බිලිඳා බිහි කළ මව සොයා නෝර්වුඩ් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…