ආර්ථික

සියලු වර්ගවල ඉන්ධන සඳහා උපරිම සිල්ලර මිලක් !

සියලු වර්ගවල ඉන්ධන සඳහා මිල සූත්‍රයට අනුව උපරිම සිල්ලර මිල පමණක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙරට ඉන්ධන බෙදාහරින සමාගම් අතර තරඟකාරීත්වයක් ඇති කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා ප්‍රකාශ කළේ.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අගෝස්තු මාසයේ සිට මිල සූත්‍රය යටතේ සියලුම ඉන්ධන සමාගම් සඳහා උපරිම සිල්ලර මිල රජය විසින් නියම කරන බවයි.

QR කේතය සම්බන්ධයෙන් ඉදිරියේදී සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන්ධන තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ලියාපදිංචි ප්‍රධාන සමාගම් තුනක් සමඟ ගිවිසුම්වලට එළඹ ඇති බව ඔහු පැවසුවා.

මෙමඟින් තරඟකාරීත්වය වැඩි වන අතර වත්මන් ඩොලර් ගැටලුවට හොඳ පිළියමක් ඉදිරිපත් වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ලබන මස මුල් සතිය වන විට සිනොපෙක් සමාගමේ නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

මෙතෙක් ඉන්ධන මිල සූත්‍රය තිබුණේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණයි.

ඒ වෙනුවට මෙම නව ක්‍රමය හරහා සියලුම සමාගම්වලට බලපාන පරිදි මිල සූත්‍රය භාවිත කරමින් උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක සඳහන් කළා.

මේ අනුව ඉදිරියේදී අමාත්‍යාංශය උපරිම සිල්ලර මිල පමණක් තීරණය කරනු ඇහි.

එවිට උපරිම මිලට යටත්ව තමන් කැමති මිලකට ඉන්ධන ලබාදීමට සමාගම්වලට හැකියාව ලැබෙනවා.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක ප්‍රකාශ කළේ මෙමගින් ඉන්ධන සමාගම් අතර තරඟයක් ඇතිවී ඉන්ධන මිල අඩුවන බවයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago