ක්‍රිකට්

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට එරෙහිව CIDයට (VIDEO)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවූ බව කියන දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (25දා) අදාළ පැමිණිල්ල යොමු කිරීමට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයින් ක්‍රිකට් ආයතනයේ මුදල් පෞද්ගලික පරිහරණය සඳහා භාවිත කර ඇති බවත් ක්‍රිකට් දියුණු කිරීමට පවතින මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්ය.

පසුගියදා සමාජ මාධ්‍යයන්හි සැරිසරන ලද රජයේ විගණන කාර්යාල කෙටුම්පතකින් (විගණන වාර්තාවකින්) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා රාශියක් හෙළිදරව් කර ඇති බවත් එම විගණන කෙටුම්පතේ ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට ක්‍රියාත්මක වන්නේ සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා බවත් ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට හෝ ඉදිරියට ගෙනයාමට කිසිදු අදහසක් නොමැති බවත් පැහැදිලිව පෙනෙන බව හේෂා විතානගේ මහතා පවසනවා.

විතානගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කර ඇති පැමිණිල්ල හරහා ක්‍රීඩකයින්ට නිදහසේ දස්කම් දැක්වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago