එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ පෞද්ගලික සූපවේදීයා මියගොස් තිබෙනවා.
ඔහුගේ සිරුර ඔබාමාගේ පවුලේ නිවස අසල වැවක තිබියදී සොයාගෙන ඇති බව සඳහන්. Paddle Boarder කරුවෙකු දිය යටට ගොස් නැවත මතු නොවු බවට ලැබුණු පුවතක් මත බලධාරීන් අතුරුදහන් වූ පුද්ගලයා සෙවීම ආරම්භ කර තිබෙනවා.
Massachusetts ප්‍රාන්ත පොලිසිය පැවසුවේ, සිරුර පරික්ෂා කිරීමේදී එය හිටපු ජනපතිගේ සූපවේදියා වූ Tafari Campbell ලෙස තහවුරු කරගත් බවයි.
එමෙන්ම ක්‍රීඩාවේ නිරතවන අවස්ථාවේදී ඔහු ජීවිතාරක්ෂක කබායක් පැළඳ සිට නොමැති බව Massachusetts ප්‍රාන්ත පොලිසිය පැවසුවා.
මියයන විට ඔහු 45 වැනි වියේ පසුවුණ අතර දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වනවා.
මින් පෙර ඔහු ධවල මන්දිරයේ සේවය කර තිබෙනවා.
නමුත් 2016 දී බැරැක් ඔබාමා ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් පසුව ඔබාමා පවුලේ සුපවේදියා ලෙස ඔහු කටයුතු කර තිබුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…