කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ හිටපු විදුහල්පතිනිය අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.
අතර මැදි පංති වලට කූඨ ලේඛණ උපයෝගි කර ගනිමින් සිසුන් ඇතුළත් කළ බව කියන සිද්ධියේ සැකකාරියක වන හිටපු විදුහල්පතිනි පී.කේ.ආර් රණසිංහ මෙයට පෙර අපේක්ෂිත ඇපයක් ඉල්ලා සිටි අතර මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි විසින් පසුගිය 05 දින එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ගම්පොළ පිහිටි විදුහල්පතිනියගේ නිවසට හා ස්ථාන මාරු ලැබ ඇය පැමිණි මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අවස්ථා කිහියක දී පොලීසිය ගියත් ඇය එම ස්ථාන වල ඇය නොසිටි බව පොලීසිය පවසයි.
ශාන්ත අන්තෝනි බාලිකාවේ විදුහල්පති ධූරයෙන් ඉවත් කළ පසු ඇය පළාත් අධ්‍යාපන කාර්යාලයේ සේවය සඳහා වාර්තා කර ඇත්තේ එක් දිනක් පමණක් වන අතර ඇය අසනීප නිවාඩු ඉල්ලමින් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව මේ සම්බන්ධව කළ විමසීමක දී මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.
කූඨ ලේඛණ උපයෝගි කර ගනිමින් ශාන්ත අන්තෝනි බාලිකාවට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ද විශේෂ පරීක්ෂණයක් කරනු ලැබීය.
එහි වාර්තාව අනුව විදුහල්පතිනියට චෝදනා පත්‍රයක් නිකුත් කර තිබෙන අතර සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙතෙක් එය ඇයට බාර දීමට නොහැකි වී ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…