LPL

LPL 2023 – ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉවත් වෙයි – ආදේශකයන් මෙන්න !

එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL 2023) සදහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග නව විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ගිවිසුම් ගත වී තිබෙනවා.

පාකිස්තානයේ ෂොයිබ් මලික් (තාවකාලිකව) හා සමාන් ඛාන් වෙනුවටයි එම ක්‍රීඩකයින් දෙදෙනා ආදේශ කර ඇත්තේ.

ඒ අනුව ෂොයිබ් මලික් වෙනුවට තාවකාලිකව බංග්ලාදේශයේ 22 හැවිරිදි දකුණත් පිතිකරුවෙකු වන තව්හිඩ් හ්රිදෝයි කිංග්ස් කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

පළමු තරග කිහිපයෙන් පසුව ෂොයිබ් මලික් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග එක්වන බව එම කණ්ඩායම නිවේදනය කළා.

එමෙන්ම සමාන් ඛාන් වෙනුවට දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක නන්ද්‍රේ බර්ගර් කිංග්ස් සංචිතයට ආදේශ කර තිබෙනවා.

වමත් වේග පන්දු යවන්නෙකු හා වමත් පිතිකරුවෙකු වන ඔහු දකුණු අප්‍රිකා A, Cape Town Blitz, Nelson Mandela Bay Giants, Cape Cobras, SA Western Province, Joburg Super Kings යන කණ්ඩායම් නියෝජනය කර තිබෙනවා.

සමාන් ඛාන් මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටිය ද පෞද්ගලික හේතූන් මත ඔහු තරගාවලියට එක් නොවන බවයි ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නිවේදනය කළේ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago