අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු පහරකෑමකට ලක්ව මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් සිදුකළ පැමිණිල්ලකට අනුව මුල්ලේරියාව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වටරැක – සමනළතැන්න ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි එක්දරු පියෙක්.
දීර්ඝ කාලයක සිට මානසික රෝගයකින් පෙළුණු මෙම පුද්ගලයා රෝගය උත්සන්න වීම නිසා පසුගිය 20 වනදා රෝහලට ඇතුළත් කර තිබුණා.
කෙසේ වෙතත් පසුගිය 25 වනදා අලුයම අදාල සිද්ධිය සිදුව ඇති අතර රෝහලෙන් ප්‍රකාශ කර ඇත්තේ නාන කාමරය තුළ ලිස්සා හිස වැදීමෙන් මරණය සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් දේහය මුද්‍රාතබා නිවසට එවා තිබීම හේතුවෙන් ඥාතීන්ට ඇති වූ සැකය මත ඥාතීන් මුල්ලේරියාව පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලි කර තිබුණා.
ඒ අනුව ඊයේ එම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි චන්න පෙරේරා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවා.
එහිදී තහවුරු වී ඇත්තේ මොට ආයුධවලින් පහරදී සිදුවූ බහුවිධ සංකූලතා නිසා මෙම මරණය සිදුව ඇති බවයි.
අප මේ සම්බන්ධයෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා විජේසිංහගෙන් විමසීමක් කළා.
ඇය කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරයකින් තොරව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…