නයිජර් ජනාධිපති මොහොමඩ් බසූම් බලයෙන් පහ කර ඇති බව එරට ජාතික රූපවාහිනියේ පෙනී සිටි හමුදා නිළධාරීන් පිරිසක් පවසා තිබෙනවා.
එම කණ්ඩායමේ සිටින එරට හමුදා ප්‍රධානියෙකු වන කර්නල් Amadou Abdramane සහ තවත් නිලධාරීන් නව දෙනෙකු රූපවාහිනී මැදිරියට ඇතුල් වී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව නිවේදනය කොට තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.
ඔවුන් පවසා ඇත්තේ, “පිරිහෙමින් පවතින ආරක්ෂක තත්ත්වය සහ අයහපත් පාලනය හේතුවෙන් පවතින පාලන තන්ත්‍රය තමන් අවසන් කිරීමට” ආරක්ෂක අංශ තීරණය කළ බවයි.
බලයෙන් පහ කළ ජනපතිවරයාගේ යහ පැවැත්ම උදෙසා මේ ප්‍රශ්නයේදී තමන් බටහිර රටවල මැදිහත්වීමක් ප්‍රතික්ෂේප කරන බවටද එම කණ්ඩායම අනතුරු අඟවා තිබෙනවා.
බටහිර අප්‍රිකානු රටක් වන නයිජර් සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වූ පැරණි ප්‍රංශ යටත් විජිතයක් වන අතර පසුගිය සමය තුළ අප්‍රිකාවේ ඇති වූ ගැටුම්වලට මැදිහත්වීම සඳහා බටහිර රටවලට සහයෝගය දැක්වූවා.
නයිජර්හි සිදු වූ මෙම හමුදා කුමන්‍ත්‍රණය, 2020 වසරෙන් පසුව බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ ඇති වූ හත්වැනි හමුදා කුමන්ත්‍රණය ලෙස සැලකෙනවා
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…