පාසල් බෑග් සහ සපත්තු මිල 10% කින් පහත දැමීමට නිෂ්පාදකයන් තීරණය කර ඇති බව අද (27) මුදල් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූ බව වාර්තා වී ඇත.
පාසල් සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවත්වන ලද දීර්ඝ සාකච්ඡා වට කීපයකින් අනතුරුව නිෂ්පාදකයන් විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.
දැනට වෙළෙඳපොළේ පවතින තොගද නව මිල සංශෝධනය යටතේ ලබාදෙන බව මෙහිදී කර්මාන්තකරුවන් ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, එම වාසිය සුවහසක් පාසල් දරුදැරියන් වෙනුවෙන් ලබාදීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා කර්මාන්තකරුවන්ට ස්තූතියද පළකර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…