2022 වසරේ දී රථවාහන වැරදි සඳහා නිකුත් කරන ලද දඩපත් හා අධිකරණය මගින් රුපියල් කෝටි 255 ක් හෙවත් රුපියල් බිලියන 2.55 ක ආදායමක් උපයා දීමට ශ්‍රී ලංකා පොලීසිය සමත්ව ඇති බව වාර්තා වනවා.
මෙහිදී දඩපත්වලින් ලැබූ මුළු ආදායම රුපියල් බිලියන 1.29 ක් වන අතර අධිකරණය මගින් ලැබූ ආදායම රුපියල් බිලියන 1.25 ක්.
රථවාහන වැරදි කාණ්ඩ 19 ක් යටතේ අදාළ දඩපත් නිකුත් කිරීම් හා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එහිදී වැඩිම ආදායමක් වාර්තා වී ඇත්තේ බීමත්ව රිය පැදවීමේ වරදට අදාළවයි.
එය රුපියල් මිලියන 621 ක් හෙවත් රුපියල් කෝටි 62 ක් වනවා.
2022 තුළ රථ වාහන වැරදි සඳහා නිකුත් කර ඇති සමස්ත දඩපත් ප්‍රමාණය එකොළොස් ලක්ෂය ඉක්මවා තිබෙනවා
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…