කෝට්ටේ මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන ගමගේ ඩෙන්සිල් පද්මසිරි නැමැති අයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රාජගිරිය – නාවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනිය ඇතුළු පිරිසකට රහසඟ පෙන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
අදාළ විදුහලේ විදුහල්පතිනිය විසින් කළ පැමිණිල්ලකට අනුවයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
වැලිකඩ පොලීසිය කියා සිටියේ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පසුගිය 23 වනදා දෙපාර්ශවයට පොලීසිය පැමිණි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි.
මෙම විදුහලේ විදුහල්පතිනියට එරෙහිව හිටපු නාගරික මන්ත්‍රීවරයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම රැගෙන යන අපහාසත්මක ප්‍රචාර සම්බන්ධයෙන් විභාග කිරීම ඔවුන් දෙපාර්ශවය පසුගිය 23 වනදා වැලිකඩ පොලීසිය වෙත කැඳවා තිබෙනවා.
එම පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලීසියට දෙපාර්ශවයම පැමිණි අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා විසින් පොලිස් භූමිය තුළදීම මෙම නොමනා ක්‍රියාව සිදුකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…