අධිවේගී මාර්ගයේදී නිරුවත් කාන්තාවක් වාහනවලට වෙඩි තබයි !

අමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර ඕක්ලන්ඩ් බේ පාලම අසල කාර්යබහුල වේලාවකදී එකවරම අමුතු සිදුවීමක් සිදු වුණා.

ඒ, එතැනදී සිය මෝටර් රථයෙන් බැස ගත් නිරුවත් කාන්තාවක් සෙසු මෝටර් රථ පසුකරමින් තුවක්කුවක් එල්ල කොට ගෙන වාහනවලට වෙඩි තබන්නට පටන් ගැනීමයි.

මෙහිදී කිසිවකුට කිසිදු තුවාලයක් සිදු වී නොමැති බවත් කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙනවා.

මේ සිදුවීම සැකෙවින් මෙසේයි, California Highway Patrol වෙත සවස 4.40 ට පමණ ඇමතුම් 911 ක් ලැබී තිබුණා. ඒ, නොසැලකිලිමත් රියදුරකුගේ නොහොඹිනා වැඩක් ගැන කියමින්.

මෝටර් රථයක් පදවාගෙන පැමිණි කාන්තාවක් ඇය ගමන් ගත් මංතීරුව මැද රිය නතර කර ඉන් බැස පිහියක් සහ තුවක්කුවක් රැගෙන අනෙක් රියැදුරන්ට තුවක්කුව පෙන්වමින් කෑ ගැසීමට පටන් ගෙන තිබෙනවා.

පසුව එම කාන්තාව මෝටර් රථයට ඇතුළු වී මඳ දුරක් ගොස් ටෝල් ප්ලාසාහිදී නැවතත් නිරුවත්ව රියෙන් බැස තුවක්කුවක් අතැතිව ගමන් කර තිබෙනවා.

ඇය වෙනත් වාහනවලට කෑගසමින් අහසට වෙඩි තැබීමට පටන් ගෙන තිබෙනවා, අනෙක් වාහනවල රියැදුරන් මේ සිදුවන්නේ කුමක්දැයි වික්ෂිප්ත වී ඇති අතර ඔවුන් තුළ පෙනෙන්නට ලැබුණේ ව්‍යාකූල වූ බවක්.

“ඔවුන්ගේ සිත් තුළ වූයේ කිසියම් අනතුරක් සිදුවී ඔවුන් ඒ වටා ධාවනය කරනවා වැනි හැඟීමක්. ” යැයි CHP ප්‍රකාශක ඇන්ඩෲ බාර්ක්ලේ ප්‍රකාශ කර තිබෙනවා.

“ඔවුන් එහා මෙහා ධාවනය කිරීමට උත්සාහ කරන විට, ඇය අනෙක් වාහන දෙසට වෙඩි තැබීමට පටන් ගත්තා. පසුව කාන්තාව බිම වාඩි වී අනෙක් මෝටර් රථවලට වෙඩි තියන්න පටන් ගත්තා.” ඇන්ඩෲ බාර්ක්ලේ වැඩිදුරටත් පැවසුවා.

ඉන්පසු, කැලිෆෝනියාවේ අධිවේගී මාර්ග මුර භටයින් එම ස්ථානයට ළඟා වී ඇති අතර, ඔවුන් ඇයගේ ආයුධය බිම තබන ලෙස එම කාන්තාවගෙන් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

එළෙස කිරීම ප්‍රතික්ෂේප කළ එම කාන්තාව පසුව සිය ගිනි අවිය බිම දමා පොලිස් භාරයට පත් වූ බව නිව්යෝර්ක් පෝස්ට් වාර්තා කරනවා.

අදාළ කාන්තාව ප්‍රාදේශීය රෝහලක මානසික සෞඛ්‍ය අංශයේ රඳවා තබා ඇති බවයි මාධ්‍ය ආයතන වාර්තා කළේ.

ඇය මානසික රෝහලෙන් මුදා හැරෙන දිනයක් ගැන නිශ්චිතව සඳහන් නොකරන අතර අදාළ චෝදනා යටතේ ඇයට නඩු පවරනු ඇති බව පොලිසිය
සඳහන් කරනවා.

වසරකට මිලියන 40 ක පමණ ජනතාවක් මෝටර් රථවලින් එහා මෙහා යන මෙම මාර්ගය පැයකට වඩා වැඩි කාලයක් වසා දමා තිබුණු බවයි වාර්තා වන්නේ.

Team CNF

Recent Posts

ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් ලංකාවට එනවාද : තීරණය මෙන්න!

එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…

3 hours ago

වෑන් රථයකින් 15 හැවිරිදි පාසල් සිසුවෙකු පැහැරගනියි!

කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…

5 hours ago

රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධි​ය – ප්‍රධා​න සැකකාරිය ඇප මත මුදාහරියි!

ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය…

5 hours ago

ඉතිහාසය විෂය අනිවාර්යයි : දරුවන්ගේ ජීවිත සමග දේශපාලනය ගාවලා අසත්‍ය ප්‍රචාර කරන්න එපා – හරිනි කියයි!

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින්…

7 hours ago

කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලටම අධිචෝදනා භාරදෙයි!

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන්…

8 hours ago

කෝටි 5ක මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික තරුණියක් අත්අඩංගුවට!

රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර…

10 hours ago