ශ්‍රී ලංකා

ගලවා ඉවත් කොට වල දැමූ පඩු කරඳ ශාකය යලි රෝපණය කරයි !

ගලවා ඉවත් කර වල දමා තිබූ ගම්පහ – දාරලුවේ, කෲඩියා සෙලනිකා හෙවත් පඩු කරඳ ශාකය අද (28) ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ යලි රෝපනය කර තිබෙනවා.

ඒ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක මහත්මිය ඉදිරියේ යලි ගොඩ ගැනීමෙන් අනතුරුවයි.

අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව පසුගිය ජූලි 10 වනදා අදාල ශාකය ගලවා ඉවත් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගත් අවස්ථාවේ පළමුව එම ශාකය වල දමා තිබූ ස්ථානයට පොලිස් ආරක්ෂාව ලබා දීමට පියවර ගත් අතර අද ශාකය ගොඩගැනීමට නියෝග කෙරුණා.

අදාල නඩුව අද යලි කැද වූ අවස්ථාවේ ගම්පහ මහේස්ත්‍රාත් ෆාතිමා හසානා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත නියෝග කලේ වළ දමා ඇති ශාකය ගොඩ ගෙන යලි රෝපණය කරන ලෙසයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago