ශ්‍රී ලංකා

මුලතිව් රෝහලේදී කළ සැත්කමකින් පසු කාන්තාවකගේ උදරයෙන් ගෝස් කිලෝවක් හමු වෙයි !

මුලතිව් රෝහලේදී සිදු කළ සැත්කමකින් පසුව මවකගේ උදරයේ තිබී කිලෝ ග්‍රෑම් එකක් පමණ බර ගෝස් කැබැල්ලක් හමු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ස්වාමි පුරුෂයෙකු උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් 27 දා ඉල්ලීමක් කොට තිබෙනවා.

දරු ප්‍රසූතියක් සදහා මුලතිව් රෝහලට ඇතුළත් කළ තම බිරිද රෝහලේදී සීසේරියන් සැත්කමකට භාජනය කළ බවත් ඉන් පසුව ඇගේ උදරයේ හට ගත් වේදනාව දින ගණනාවක් යන තුරුත් පහව ගොස් නොමැති නිසා ඇයව වාර 12 ක්ම මුලතිව් රෝහලට රැගෙන ගිය බව බිරිදගේ ස්වාමී පුරුෂයා සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා තමාටත් තම බිරිදටත් සිදු වූ මානසික කම්පනය හා බිරිදගේ ශාරීරික වේදනාව වෙනුවෙන් වහාම පරීක්ෂණයක් පවත්වා ඊට වග කිව යුතු වෛද්‍යවරුන්ට කිසියම් දඩුවමක් ලබා දිය යුතු බව එම ස්වාමි පුරුෂයා විසින් කළ පැමිණිල්ලේ සඳහන් වෙනවා.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට වෛද්‍යවරු තුන් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් උතුරු පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් පත් කොට තිබෙන බව සඳහන්.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago