ශ්‍රී ලංකා ජාතික ගීය වෙනස් කළ හැකි ද?

ශ්‍රී ලංකා ජාතික ගීයේ අකුරක් හෝ කොමාවක් හෝ කිසි ලෙසකින් වෙනස් කළ නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ගීය ගැන සඳහන් වන්නේ මේ ලෙසින්. “ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය “ශ්‍රී ලංකා මාතා” ගීය වන්නේය. ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය තුන්වන උපලේඛනයෙහි දැක්වෙන්නේ ය” යනුවෙන්.

මේ සම්බන්ධව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්.

“රටක අනන්‍යතාව මතු කරන ප්‍රධාන කාරණා 3ක් තිබෙනවා. එනම්, රටේ නම, ජාතික ගීය සහ ජාතික කොඩියයි.

ආනන්ද සමරකෝන් බොහොම අමාරුවෙන් මෙහි සංගීතය, පදරචනය කළේ. ඒ වගේම ඉන්දියාවේ මහා ගාන්ධර්ව රවීන්ද්‍රනාත් තාගෝර් මෙය පෝෂණය කර දුන්නා.

පළමුවෙනි විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මෙය නීතියක් ලෙස ඇතුළත් කරනවා.

මෙය නීතියක් විතරක් නොවෙයි මූලික මිනිස් අයිතිවාසිකමක්.

එහි ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා ශ්‍රී ලංකා ජාතික ගීය “ශ්‍රී ලංකා මාතා…” ලෙස. ජාතික ගීයේ පදමාලාව සහ සංගීතය තුන්වන උප ලේඛනයේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා.

ඒ නිසා මෙහි අකුරක් හෝ වෙනස් කරනවා නම්, කොමාවක් හෝ වෙනස් කරනවා නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් සහ 83 වන ව්‍යවස්ථාව අනුව ජනමත විචාරණයක් තියන්න ඕනෑ. ඒක තමයි නීතිය.

ජාතික ගීය රැප් කරනවා නම් කරන්න ඕනේ 78 ව්‍යවස්ථාවට අනුවයි.
තැන් තැන්වල ජාතික ගීය වෙනස් කර ගායනා කරනවා නම් එය රට හෑල්ලු කිරීමක්. යැයි පැවසුවා.

මින් ගම්‍ය වන්නේ රටේ ජාතික ගීය කිසි ලෙසකින් හෝ වෙනස් කළ නොහැකි බවයි.

Team CNF

View Comments

  • අනේ, බං..... "එක මවකගෙ දරුකැල ලෙසිනා" කියන එක "එක මවකගෙ දරුකැල බැවිනා" කියලා වෙනස් කරනකොට, ඔය බහුශ්‍රැතියෝ කොහේද හිටියේ.......? ඒවත් හොයලා බලපංකෝ.....ඉස්සර කිව්වේ දෙමල, සිංහල මුස්ලිම්, බර්ගර් අපි ඔක්කොම එකා වගේ කියලා. මයිනෝ, කපුටෝ ආවට පස්සේ, ජාතකයක් නෑ අපිට. ඔක්කොම එකා වෙලා..... එහෙම උන නිසා තමා උතුරෙ උං අපිට අරින්නේ 😆😆😆😆😆😆😆😆😆😆😆

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago