රිදීමාලියද්ද යකහඋල්පොත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක 2021 වර්ෂයේ පෙබරවාරි මස ඝාතනය කර අලුතින් කැපු වැසිකිලි වළක සැගවා තිබු මෘත දේහය අද (31) දහවල් මහියංගණ වැඩබලන මහේස්ත්‍රාත් ගාමිණි පි. රඹකැන්පුර මහතා ඉදිරියේ ගොඩගනු ලැබිය.
මෙසේ ඝාතනය කර වැසිකිළි වළකට දමා තිබුණේ ඩබ්ලිව්.ඒම් සෝමාවති නම් දෙදරු මවකි.
අදාළ වැසිකිළි වළෙන් සිරුර ගොඩගැනිමට පැය 5ක පමණ කාලයක් ගතවු අතර, මේ සදහා රිදීමාලියද්ද ප්‍රාදේශිය සභා සේවක මහතුන්, රිදීමාලියද්ද පොලිසිය, බදුල්ල සෝකෝ අංශයේ නිළධාරින් ඇතුළු මහියංගණ විශේෂඥ අධිකරණ වෛද්‍ය තරංග නායකරත්න යන මහත්වරු ද සහභාගි වුහ.
මෘත දේහය කොළ පැහැති පැදුරක ඔතා හිස කොටස රෙදි කැබැල්ලකින් ඔතා වයර් ඒකකින් ගැටගසා තිබිණි. දේහයේ අස්ථි කොටස් පමණක් ඉතිරිව තිබු අතර, දේහය පශ්චාත් මරණ පරික්ෂණය සදහා මහියංගන මුලික රෝහලේ මාත ශාරිරාගාරයට යැවිමට මහියංගණ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණි පි. රඹකැන්පුර මහතා නියෝග කළේය.
රිදීමාලියද්ද පොලිස් වසමට අයත් රිදීමාලියද්ද යකහඋල්පොත ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඒම් සෝමාවති නම් 50 හැවිරිදි දෙදරු මවක් 2021 වර්ෂයේ පෙබරවාරි මස ඝාතනය කර අළුතින් කැපු වැසිකිලි වලකට දමා සැගවු බවට සැකපිට 72 හැවිරිදි පියා සහ 26 හැවිරිදි පුතා ඉකුත් (29) අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සිදුකළ පාපොච්චාරණයට අනුව ඊයේ 31 දහවල් මෙම සැකරුවන් ඒම ස්ථානයට කැදවාගෙනවිත් ඔවුන් පෙන්වු ස්ථානය හරා බැලිමේ දි මෙම මෘත දේහය සොයාගැනිමට හැකිවිය.
බදුල්ල දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ සහ රිදීමාලියද්ද සහකාර පොලිස් අධිකාරි සරත් බණ්ඩාර පලිපාන යන මහත්වරුන්ගේ උපදෙස් මත රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ආර්.සි වීරකෝන් මහතාගේ මෙහෙය විමෙන් පොලිසි විශේෂ කාර්යංශයේද සහය ඇතිව පො.සැ 47153 ජයවීර,පො.සැ 40895 රත්නායක ,කා.පො.සැ 1751 ජනිතා ,පො.කො 36381 ප්‍රභාත් ,පො.කො 44792 කුමාර,පො.කො 68183 සදරුවන් ,පො.කො 96108 දිසානායක,ක.පො.කො 11668 සෙව්වන්දි යන නිළධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…