කොළඹ සිට නුවරඑලිය දක්වා ධාවනය වු නුවරඑලිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වටවලදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 10 ක් පමණ වු ප්‍රපාතයකට පෙරළීමෙන් එම බස් රථයේ ගමන් ගත් මගින් 15 දෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත අද (01) අලුයම ඇතුළත් කල බව වටවල පොලිසිය පැවසිය.
අද අලුයම 4.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල අසලදිය.
ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බව වටවල පොලිසිය කියා සිටියේය.
අනතුරෙන් බස් රථයේ ගමන් ගත මගින් 15 දෙනෙකු පමණ තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ සිටි තුවාලකරුවන් පස්දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
සෙසු තුවාලකරුවන් තත්ත්වය බරපතල නොවන බව වටවල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය. බස් රථය අනතුරට පත් වන අවස්තාවේ බස් රථය තුළ මගින් 100 දෙනෙකු පමණ ගමන් කරමින් සිටි බව අනතුරෙන් තුවාල ලබා වටවල රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකරුවෙකු පැවසිය.
බස් රථය අනතුරට පත් විමත් සමග බස් රථයේ රියදුරාට බස් රථයේ ගමන් ගත් මගින් පිරිසක් විසින් පහර දිම නිසා රියදුරා වටවල ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, අනතුරෙන් ලංගම බස් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත් වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයා කියයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…