වසූරියට පන්නයේ අභිරහස් රෝගයක් පැතිරෙයි – වව්නියාව බන්ධනාගාරය වසා දමයි !

වවුනියාව බන්ධනාගාරය වහාම ක්‍රියාත්මක වන පරිදි අගොස්තු මස 15 වෙනිදා දක්වා වසා දමා දැමීමට බන්ධනාගාර බලධාරීන් ඊයේ (31) තීන්දු කර ඇත.

බන්ධනාගාරයේ රැඳවියන් හය දෙනෙකුට වසූරිය හා සමාන රෝගයක් වැළදීමත් තවත් සැක සහිත රෝගීන් කීප දෙනෙකුත් බන්ධනාගාරයෙන් හමු වීමත් සමගම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත බන්ධනාගාරය වසා දමනු ලැබීය.

බන්ධනාගාරයේ සිටි සියළුම රැදිවියන්ට වසූරිය සඳහා අවශ්‍ය ප්‍රතිකාර හා ඖෂධ ලබා දී ඇති අතර රැඳවියන් සියලුම දෙනා එන්නත්කරණයට ද ලක් කොට තිබේ.

මේ වනවිට ලංකාවෙන් වසූරිය රෝගය තුරන් කර ඇති පසුබිමක වැළඳි ඇත්තේ වසූරිය නම් එය වැළඳෙන්නට හැකි වන්නේ විදේශීය පුද්ගලයෙකුගෙන් බවත් මෙම රෝගය කුමක්ද යන්න පිළිබඳ දීර්ඝ ලෙස පරීක්ෂණ කරන බවත් සෞඛ්‍ය අංශ කියයි.

වවුනියාවේ සෞඛ්‍ය බලධාරීන් බන්ධනාගාරය තුළට පැමිණ එහි තත්ත්වය හා රෝගීන් නිරීක්ෂණය කොට අවශ්‍ය උපදෙස් බන්ධනාගර නිලධාරීන්ට ලබා දී ඇති අතර එම නිලධාරීන් ප්‍රකාශ කළේ අධික රැදිවියන් පිරිසක් බන්ධනාගාරය තුළ සිටීම නිසා තත්ත්වය බරපතල විය හැකි බවය.

මීට වසර තුනකට පමණ පෙර සිට වවුනියාව බන්ධනාගාරයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසා රැඳවියන් පිරිස අඩු කරන ලෙස හෝ බන්ධනාගාරයේ පහසුකම් වැඩි දියුණු කරණ ලෙස ඉල්ලීම් කීපයක්ම කෙරුණු නමුත් ඊට බලධාරීන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව බන්ධනාගාර නිලධාරියෙකු කියා සිටියේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago