අමාත්‍යාංශ කිහිපයක විෂය පථ වෙනස් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ පැවැරී ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති, නාගරික සංවර්ධන හා නිවාස, ප්‍රවාහන හා මහාමාර්ග, වැවිලි කර්මාන්ත, කෘෂිකර්ම, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු යන අමාත්‍යාංශවල විෂය පථ සංශෝධනය කෙරෙනු ඇති.
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට ජාතික යන්ත්‍රෝපකරණ ආයතන සහ සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් ගෙන තිබෙනවා.
ජාතික යන්ත්‍රෝපකරණ ආයතන මීට පෙර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ පැවැති අතර සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් විෂය හිමිව තිබුණේ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශටයි.
ත්‍රිපෝෂ සහ සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු රට තුළ වගා කිරීම සඳහා කටයුතු කිරීම යන අයිතමය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පැවරීමටයි කටයුතු කර ඇත්තේ.
එය මීට පෙර වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ශීර්ෂයට ඇතුළත් කර තිබුණා. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ විෂය පථයට පුනරුත්ථාපන කාර්යාංශය පනත ඇතුළත් කර තිබීමත් විශේෂත්වයක්.
උචිත තාක්ෂණය උපයෝගි කර ගනිමින් දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල මූලික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයෙන් ඉවත් කර ඇති බවට ගැසට් නිවේදනයේ සඳහන්.
කෙසේ වෙතත් එම අමාත්‍යාංශයේ විෂය පථයට පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීමේ පනත සහ වෙරළ සංරක්ෂණ පනත ඇතුළත් කර තිබෙනවා.
බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය, අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත සහ ගාලු උරුමය පනත ඇතුළත් කිරීමටයි ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…