කොළඹ – කුරුණෑගල මාර්ගයේ තුල්හිරිය තැපැල් කාර්යාලය ආසන්නයේදී අද (අගෝ: 02) පෙරවරුවේ බස් රථයක් හා ප්‍රයිම් මූවර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති බව වරකපොල පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් එක් පුද්ගලයෙකු මිය ගොස්, 23 දෙනෙකු තුවාල ලබා වරකපොල රෝහලට ඇතුළත් කර ඇති අතර 4 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.
අනතුරට පත් වන විට බස් රථයේ මගීන් 55 දෙනෙකු ගමන් කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
වරකපොල පොලිසිය තවදුරටත් සඳහන් කළේ, බස් රථයේ රියැදුරුවරයාගේ අපරීක්ෂාකාරී ධාවනය හේතුවෙන් අලව්වේ සිට වරකපොල දෙසට ධාවනය වෙමින් තිබුණු ප්‍රයිම් මූවර් රථයක ගැටී බස් රථය මාර්ගය මත පෙරළී ඇති බව ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…