දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවට අනුයුක්තව ක්ෂේත්‍රගත රාජකාරි සිදු කරන සෑම රජයේ නිලධාරියකුම සතියේ වැඩකරන දින පහ තුළ උදෑසන කාර්යාලයට වාර්තා කිරීම අනිවාර්ය කර තිබෙනවා.
ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින්.
මේ සඳහා සාමාන්‍ය රජයේ නිලධාරින්ගේ කාර්යාල වේලාවන් අදාළ වන බවත් ඇඟිලි සලකුණු යන්ත්‍රය මඟින් පැමිණීම සනාථ කළ යුතු බවත් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක සඳහන්.
ඔවුන් සතියේ සඳුදා සහ බදාදා යන දිනවල තම සේවා ස්ථානයේ රැඳි සිටිය යුතුයි. සෙසු දින තුනේ දී ක්ෂේත්‍රයට යෑමට පෙර කාර්යාලයට වාර්තා කර විධිමත් පරිදි බැහැර යෑමේ ලේඛනය මඟින් නම් කරනු ලැබූ මාණ්ඩලික නිලධාරියෙකුගේ අනුමැතිය ලබා ගත යුතු වනවා.
දිස්ත්‍රික්ක සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සුදුසු පරිදි අනුමත කිරීම් සිදු කිරීමට පත්කර ඇති මෙම මාණ්ඩලික නිලධාරින්ට එම ලේකම්වරුන් බලය පැවැරිය යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබෙනවා.
ඉතා කලාතුරකින් නොවැළැක්විය හැකි අවස්ථාවක දී පමණක් බලධාරියා පෞද්ගලිකව සෑහීමකට පත්වන්නේ නම් පෙර දිනයේ රාජකාරි නිවාඩු අනුමත කරගත හැකියි.
ඒ සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කළ යුතු බව ද එහි සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…