වැදූ මව ප්‍රතික්ෂේප කළ පුතෙකු පිළිබඳව ඊයේ (01) ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ දී වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි වයෝවෘද්ධ මවට දියණියක සහ පුතකු සිටින අතර ඔවුහු දෙදෙනාම මේ වනවිට විවාහ වී වෙනම ජීවත් වෙනවා.
වයෝවෘද්ධ මවගේ සැමියා මීට වසර ගණනාවකට පෙර මියගොස් ඇති අතර අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පදිංචි සිය දියණියගේ රැකවරණය යටතේ වයෝවෘද්ධ මව වසර ගණනාවක් කල්ගෙවා ඇත.
නමුත් දියණිය මෙන්ම දියණියගේ සැමියාද අසනීප වීම නිසා මීට මාස තුනකට පෙර වේයන්ගොඩ තල්ගස්කොටේ ප්‍රදේශයේ පදිංචිව සිටින සිය පුතා ළඟට පැමිණ ඇත්තේ පුතාගේ රැකවරණය බලාපොරොත්තුවෙන්.
නමුත් එදා සිට ලේලියගේ සහ පුතාගේ කෙණෙහිළිකම් මැද හැඬූ කඳුළින් දිවි ගෙවූ මෙම වයෝවෘද්ධ මාතාව යම් පිහිටක් පතා වේයන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණ ඇත. සිද්ධිය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වේයන්ගොඩ පොලිසිය විසින් වයෝවෘද්ධ මවගේ පුත්‍රයා පොලිස් ස්ථානයට කැඳවා විමර්ශන සිදු කළහ.
එහිදී දිගින් දිගටම මෙම පාපතර පුත්‍රයා පවසා ඇත්තේ මව භාර භාර ගැනීමට නොහැකි බවත් මින් ඉදිරියට මව සමග කිසිදු ඥාතිත්වයක් නොපවත්වන බවත්ය.
වේයන්ගොඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා විසින් මවකගේ ඇති වටිනාකම පිළිබඳව පුත්‍රයාට කොතෙකුත් පැහැදිලි කිරීම් කළත් ඉන් පලක් නොවීය.
අවසානයේ වයෝවෘද්ධ මව ඇගේ නැගණියගේ පුත්‍රයා විසින් භාර ගෙන ඇත.
අදාල සිදුවීමට අදාල දර්ශන පහතින් (දර්ශන උපුටා ගැනීම – දසත ලංකා),
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…