ශ්‍රී ලංකා

ජල ගාස්තු වැඩි වෙන්නෙ මෙහෙමයි !

අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අය කරනු ලබන ජල ගාස්තු ඇතුළත් අති විශේෂ ගැසට් පත්‍රය ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල සම්පාදන යෝජනා ක්‍රම මගින් ජලය සපයනු ලබන සියලුම පාරිභෝගිකයන්ගෙන් අදාළ නව ගාස්තු අය කෙරෙනු ඇති.

මීට පෙර ජල ගාස්තු ඉහළ නැංවීමට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ගැසට් පත්‍රයට අනුව සියලුම ජල පාරිභෝගිකයන් පාරිභෝගික ප්‍රභේදවලට වෙන්කර ඇති අතර, එමඟින් ඔවුන් අදාළ වන ජල ගාස්තු ක්‍රමය දක්වා තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය ගෘහ පරිශ්‍ර සඳහා ඒකක 0 සිට 05 දක්වා ඒකකයකට රුපියල් 60 ක් බැගින් අය කෙරෙන අතර, ඔවුන්ගේ මාසික සේවා ගාස්තුව රුපියල් 300 ක්.

එම ප්‍රභේදයේ ඒකක 06 සිට 10 දක්වා ඒකකයකට රුපියල් 80 ක් අය කෙරෙන අතර, ඒකක 11 සිට 15 දක්වා රුපියල් 100 බැගින් ඒකකයට අය කෙරෙනු ඇති. ඔවුන්ගේ සේවා ගාස්තුව වන්නේද රුපියල් 300 ක්.

ඒකක 16 සිට 20 දක්වා භාවිත කෙරෙන එම ප්‍රභේදයේ පාරිභෝගිකයෙකුගෙන් ඒකකයකට රුපියල් 110 ක් අය කෙරෙන අතර, ඔවුන්ගේ මාසික සේවා ගාස්තුව රුපියල් 400 ක් වනු ඇති.

පහතින් දැක්වෙන්නේ ජල ගාස්තු සංශෝධනයට අදාළව නිකුත් කළ ගැසට් පත්‍රයයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago