ශ්‍රී ලංකා

මන්නාරම සහ හබරණ නාඳුනන මළ සිරුරු දෙකක් !

මන්නාරම ජපන් මිත්‍රත්ව පාලම අසල මුහුදු වෙරළේ තිබී නාදුනන මළ සිරුරක් ඊයේ පස්වරුවේ හමුවී තිබෙනවා.

එම පුද්ගලයා අවුරුදු 35 – 45 ත් අතර වයසක පසුවන, උස අඩි 05 යි අඟල් 10 ක් පමණ වන පුද්ගලයෙකු බවයි මන්නාරම පොලිසිය සඳහන් කළේ.

ඔහු මියයන විට, කළු පාට අත් දිග කමිසයක් සහ නිල් හා සුදු කොටු සරමක් හැඳ සිට තිබෙනවා.

හදිසි මරණ පරීක්ෂණය සිදුකර මෘත ශරීරය මේ වන විට මන්නාරම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මේ අතර, හබරණ සතිපොළ අසල නාඳුනන මළ සිරුරක් ඇති බවට ඊයේ හබරණ පොලිසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 40 – 45 ත් අතර වයසේ පසුවන, උස අඩි 05 යි අඟල් 02 ක් පමණ වන පුද්ගලයෙක්.

ඔහු මියයන විට නිල්පාට අත්දිග කමිසයක් සහ අලු සහ සුදු පැහැයෙන් යුතු සරමක් ඇඳ සිට තිබෙනවා.

ඔහුගේ මෘත ශරීරය මේ වනවිට පොලොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හබරණ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago