ශ්‍රී ලාංකික කෝටිපති ව්‍යාපාරිකු වන ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේ දී මියගොස් තිබෙනවා.
ඔහු ජනවාරි 17 තම දියණිය, බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇයගේ මිතුරෙකු සමඟ ඉන්දුනීසියාවේ සංචාරයට පිටත්ව ගොස් තිබෙන බවයි සඳහන් වෙන්නේ.
මෙම ව්‍යාපාරිකයාගේ සහෝදරිය සැම දිනකම ඔහුට දූරකථන ඇමතුමක් ගන්නා අතර ජනවාරි 31 දුරකථන ඇමතුම නොගත් නිසා ඇය මෙම ව්‍යාපාරිකයා සිටි හෝටලයට දන්වා ඇත්තේ ඔහු පිළිබඳව සොයා බලන ලෙසයි.
එවිට හෝටල් සේවකයෙකු සඳහන් කර ඇත්තේ ඔවුන් නතර වී සිටි කාමරය තුළ ඔහුගේ මළ සිරුර තිබි සොයා ගත් බවයි.
මෙම ව්‍යාපාරිකයාගේ මළ සිරුර මාස 08කට පසුව, පසුගිය (01) කටුනායක ගුවන් තොටුපොළ හරහා මෙරටට ගෙන්වා තිබෙනවා.
මේ වනවිට මළ සිරුර මීගමුව මහ රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත් කර ඇති අතර මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මීගමුව පොලිසිය විසින් සිදුකෙරේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…