එළඹෙන ඔක්තෝබර් මස ඉන්දියාවේදී පැවත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ඉන්දු පාකිස්තාන තරගය පවත්වන දිනය වෙනස් කරන ලෙසට ඉන්දීය පොලීසිය කළ ඉල්ලීමට පාකිස්තාන ක්‍රිකට් කමිටුව එකඟ වී ඇත.
අහමදාබාද්හි ලක්ෂයකට ආසන්න ජනකායක් ඉදිරිපිට නවරාත්‍රී දින රාත්‍රියේ පැවත්වීමට නියමිතව තිබූ ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයට ආරක්ෂාව සැපයීම අපහසු බවට ප්‍රාදේශීය පොලීසිය මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කර තිබුණි.
යෝජිත වෙනස්කම සඳහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය එකඟ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ඒ අනුව ඉන්දු පාකිස්තාන තරගය ඔක්තෝබර් මස 14වැනිදා අහමදාබාද් හීදී පැවත්වීමට නියමිතයි.
මේ අනුව ඔක්තෝබර් මස 12වන දින අහමදාබාද්හි පැවත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා – පාකිස්තාන තරගය ඔක්තෝබර් 10 වන දින අහමදාබාද්හීදීම පැවත්වීමටත් තීරණය කොට ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත් නව තරග සැකස්ම තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිළ වශයෙන් නිවේදනය කොට නොමැත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…