ජය ශ්‍රී ලගේ ගීත අපි බොහෝවිට දකින්නේ ප්‍රසංග වේදිකාව තුළදීයි.
ඒත්, ජය ශ්‍රී අයියා මලෝ පහුගියදා ඔවුන්ගේ නවතම ගීත නිර්මාණය, ‘මතුවෙන්න – The Diamond Story’ නමින් ඔවුන්ගේ YouTube නාලිකාවට එක්කර තිබුණා.
මේ ගීතය විශේෂ වෙන්නේ අපේකම වගේම ලංකාවේ තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන ගීතයක් නිසයි.
‘නොවෙනස් බැඳීම් යළි මතුවන්නට
මතක සිහින අතරින්
කවදත් කොතැනත් රුවිත විඳින්නට
නොමැත කිසි භේදයක්
ජයපැන් බොන්නට
හිතවත් වෙන්නට
අනාගතය දකිනා
යහ මිනිසුන් මැද තුරුම්පු උතුරා ලොවම රසෙන් බැඳෙනා’
හැකියාවන් සඟවා නොඉඳ ඔපමට්ටම් කෙරුණු දියමන්තියක් වගේ තමන්ගේ හැකියාවන් වැඩිදියුණු කරගෙන නැගී සිටින්නට මේ ගීතයෙන් ජය ශ්‍රී ලා තාරුණ්‍යයට ආරාධනා කරනවා.
මුළු ලෝකයම ජයගන්නට හැකි තුරුම්පුවක් වගේ වෙන්නැයි ඔවුන් පවසනවා.
සමන් අමුණුකන්දගේ පද හා රූප රචනයෙන් හැඩවුණු මේ ගීතය සංගීතවත් කරලා තියෙන්නේ මෑතකාලීනව ජනප්‍රිය වුණු ගීත රැසක සංගීත නිර්මාපකයා වෙන රැප්සිලා (සාරංග දිනේෂ්). දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය හා යාපනය වගේ ලංකාවේ සුන්දර හා ආකර්ශණීය තැන් ගණනාවකදී මෙහි රූපගත කිරීම් කරලා තිබුණා.
මේ ඩයමන්ඩ් ගීතය පුරා දැකගන්නට ලැබෙන සුවිශේෂ සංකේතය වෙන්නේ ‘ඩයමන්ඩ්’. ගීතය ආරම්භයේ ඉඳන් එහි අවසානය වනතෙක්ම මේ ඩයමන්ඩ් සංකේත දැකගන්න පුළුවන්.
මේ සංකේත වලින් කියන පණිවිඩය මොකක්ද කියන එක ගැනත් ජය ශ්‍රී රසිකයින් විමසලා තිබුණා.
මතුවෙන්න, පණදෙන්න, රුවිතේ, විඳගන්න.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…