ශ්‍රී ලංකා

උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීම තවදුරටත් සීමා කෙරේ !

උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීම තවදුරටත් සීමා වී තිබේ. ඒ, පවතින අධික වියළි කාලගුණික තත්ත්වයත් සමග ජල මට්ටම තවදුරටත් පහළ යාම හේතුවෙනි.

ජලාශයභාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා පැවසුවේ, ජලාශයේ සක්‍රීය මෙහෙයුම් කාර්යක්ෂමතාව මේ වනවිට 0.9% ක් දක්වා පහතවැටී ඇති බවයි.

එම තත්ත්වය තුළ දැනට නිකුත් කෙරෙන ජල ධාරිතාව තත්ත්පරයට ඝන අඩි 350 කි. ජලාශය භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ, එම ජලය වගාව සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

වගාව සඳහා ජලය නිකුත් කරන්නේ නම්, එහි ධාරිතාව තත්ත්පරයට ඝන අඩි 750 ඉක්මවිය යුතුවේ.

ඉංජිනේරුවරයා පෙන්වා දෙන්නේ, දැනට දකුණු සහ වම් ඇළවල්වලින් පානීය ජල අවශ්‍යතාව සඳහා ජලය නිකුත් කරමින් ඇති බවයි.

වම් ඉවුර සඳහා ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයකට එළැඹ නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

සුජීව ගුණසේකර මහතා සඳහන් කළේ, ජල පාලන ලේකම් කාර්යාලයේ උපදෙස් මත ඉදිරි තීරණ ගන්නා බවයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago