පාසල්වලට ලබා දී තිබෙන පානීය ජල පද්ධතියෙන් පිහිනුම් තටාකවලට, නිල නිවාස හා පාසලේ ඉදිකිරීම් සඳහා ජලය සපයා ගැනීම අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
පාසල්වල දිගින් දිගටම සිදුවන ජල නාස්තිය පාලනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය සහ මහා භාණ්ඩාගාරය එක්ව සාකච්ඡා කිරීමෙන් පසුව මෙම පියවර අනුගමනය කිරීමට තීරණය කර තිබේ.
මෙ අනුව පාසලේ එක් සිසුවකු සඳහා දෛනිකව ලීටර් 20ක් පමණක් ලබාදීමට ජාතික ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇති අතර ඒ සඳහා යන වියදම මහා භාණ්ඩගාරය විසින් දැරීමට නියමිතය.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් 1988 වසරේ සිට පාසල්වලට නොමිලේ ජලය ලබා දීමට කටයුතු කරන ලදී. මෙලෙස පාසල්වලට නොමිලේ ලබාදෙන ජලය පාසලේ පිහිනුම් තටාකවලට ඉදිකිරීම් කටයුතුවලට සහ නිල නිවාසවලට සපයා ගන්නා බැවින් එය පාලනය කිරීමට මණ්ඩලය අවධානය යොමු කර තිබේ.
අදාළ ජල ප්‍රමාණයට වැඩි ජල ප්‍රමාණයක් පාසලේ පරිහරණය කෙරෙන්නේ නම් එය පාසල් සංවර්ධන සමිතිය විසින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ගෙවිය යුතු බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ) පියල් පත්මනාථ පැවැසීය.
ජල සම්පත් නාස්තියකින් තොරව ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා කීවේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…