ශ්‍රී ලංකා

විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ පවතින පුරප්පාඩු පිරවීමට නව තරඟ විභාගයක් !

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා නව තරඟ විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියේ නව පත් කිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ඊයේ කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනක් ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි පෙත්සම් කැඳවා තිබුණේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම් සම්බන්ධයෙන් සමතයක් යෝජනා කළ හැකි බවයි.

ඒ අනුව විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා නව අයදුම්පත් කැඳවා විභාගයක් සහ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව අදාළ පත්වීම් සිදු කිරීමට තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කළා.

එම විභාග පැවැත්වීම ලබන වසරේ ජනවාරි මස වන විට සිදුකළ හැකි බව ද පිළිතුරු පත් ඇගයීමෙන් පසුව සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ කටයුතු ලබන වසරේ අගෝස්තු මස පමණ වනවිට සිදුකළ හැකි බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවා.

මෙකී තනතුරු සඳහා පත්වීම් සිදු කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින් මෙම අවස්ථාවේදී අදාළ පත්වීම් සිදු කළ නොහැකි අතර ලබන වසර වන විට එම කරුණ සමතයකට පත් කිරීමට හැකි බවත් ඔහු කියා සිටියා.

එම සමතයට පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් එකඟතාවය පළ කර තිබෙනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago