ක්‍රිකට්

LPL 2023 – වනිඳු හසරංගගේ තුන් ඉරියව් දක්ෂතා නිසා B-Love Kandy දෙවන ජයත් වාර්තා කරයි !

වනිඳු හසරංග පන්දු යැවීමෙන් හා පිතිකරණයෙන් දැක් වූ දක්ෂතා හමුවේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට (B-Love Kandy) බී-ලව් කැන්ඩි කණ්ඩායම අද (5) සමත් වුණා.

මෙම පරාජයත් සමග ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පළමු ස්ථානය අහිමි වූ අතර, අවසන් ස්ථානයේ පසු වූ බී-ලව් කැන්ඩි කණ්ඩායම සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත් වුණා. කිංග්ස් කණ්ඩායමට මේ වන විට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

ඒ අනුව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ගෝල් ටයිටන්ස් කණ්ඩායමයි.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කැන්ඩි කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 117 ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දුනිත් වෙල්ලාලගේ පන්දු 27 කින් නොදැවී ලකුණු 38 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 6ක් ඇතුළත්. ප්‍රියමාල් පෙරේරා ලකුණු 22 ක්, ඩේවිඩ් මිලර් ලකුණු 21 ක් හා තව්හිද් හ්රිදෝයි ලකුණු 19 ක් රැස් කළා.

ආරම්භක පිතිකරුවන් වූ රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු නොලබා සිටියදීත්, චරිත් අසලංක ලකුණු 5කටත් දවා ගැනීමට ඇන්ජෙලෝ මැතිව්ස් සමත් වුණා. නායක තිසර පෙරේරා මෙම තරගයේ දී රැස් කළේ ලකුණු 2ක් පමණයි. පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 9කට කඩුලු 3 ක් ද, නුවන් ප්‍රදීප් ලකුණු 36 කට කඩුලු 3 ක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බී-ලව් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 13 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් පසු කර ගියා.

දිනේෂ් චන්දිමාල් පන්දු 16කින් ලකුණු 22කට දැවී ගිය අතර, ෆකාර් සමාන් පන්දු 39කින් ලකුණු 42යි. සමාන්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් ඇතුළත්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ වනිඳු හසරංග පන්දු 22 කින් වේගවත් ලකුණු 52 ක් නොදැවී වාර්තා කළා. හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

තරගයේ වීරයා බවට පත්වුයේ තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ වනිඳු හසරංග

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago