වසර දෙකකට පසු කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා තිබේ. ඒ එළැඹෙන ආසියානු කුසලාන තරගාවලිය සඳහාය.
අගෝස්තු 30 වනදා පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව බී කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයට බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය ද ඇතුළත් ය.
ඒ සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර ඇති අතර එය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර තිබේ.
වසර දෙකකට පසු කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා ඇති අතර දුනිත් වෙල්ලාලගේද එම සංචිතයට ඇතුළත්ය.
ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය මෙසේය.
මීට අමතරව අතිරේක ක්‍රීඩකයින් ලෙස කසුන් රාජිත, දුෂාන් හේමන්ත, අවිශ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න සහ සහන් ආරච්චිගේ නම් කර තිබේ.
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව අගෝස්තු මස 31 වනදා පල්ලේකැලේදී පැවැත්විමට නියමිතය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…