ශ්‍රී ලංකා

ජල ගැටළුවට ජනපති සමග පැවැති සාකච්ඡාව අවසන් – ගොවි සංවිධාන නඩු මඟට !

පවතින දැඩි නියඟයේ බලපෑමෙන් උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම අද (06) 0.68%ක් දක්වා පහළ යමින් අවසන් මට්ටමට පැමිණ තිබේ.

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මහවැලි සහ විදුලි බල අමාත්‍යවරුන් ඇතුළු එම අමාත්‍යාංශවල නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම හෙටින් (07) ආරම්භ කරන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

එවන් පසුබිමක, වලව මහවැලි කළාපයේ, ජලය නොමැතිව එහි වගාබිම් විනාශ වෙමින් පවතින බවට අප වෙත තොරතුරු වාර්තා වුනා.

වසර 20 කට පසු මහවැලි වලව කලාපයට බලපා ඇති නියඟය හේතුවෙන්, මේ වන උඩවලව ජලාශයේ සක්‍රීය ජල මට්ටම තවදුරටත් පහළ බසිමින් පවතී.

අක්කර අඩි 217,800කින් යුත් උඩවලව ජලාශයේ ධාරිතාවය අද පස්වරුව වනවිට දැක්වුණේ අක්කර අඩි 1,331ක් ලෙසය. කෙසේවෙතත්, ජලාශය සම්බන්ධ බලධාරියෙකු සඳහන් කළේ ජලය නිකුත් කිරීම නතර කිරීමට මේ දක්වා නියෝගයක් නිකුත් කර නොමැති නමුත් තවදුරටත් ජල මටටම පහළ බැස තිබීම හේතුවෙන් ජලාශයෙන් ජලය නිකුත් කිරීමට ප්‍රමාණවත් මට්ටමේ පීඩනයක් නොමැති බවය.

සාමාන්‍ය තත්ත්වයක් යටතේ දිනක දී උඩවලව ජලාශයෙන් තත්ත්පරයට ඝන අඩි 3,200ක ප්‍රමාණයක් වගාව සඳහා ගොවිබිම් වෙත මුදා හරිනු ලබයි.

ඒ උඩවලව ජලාශයේ වම් ඇළෙන් කිරිඉබ්බන් වැව, සූරියවැව සහ මයුරපුර ප්‍රදේශවලටත් දකුණු ඇළෙන් අඟුණකොළපැළැස්ස, මුරවැසිහේන සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවලටත් වශයෙනි.

උඩවලව ජලාශයෙන් පෝෂණය වන වලව මහවැලි කලාපයේ කුඹුරු හෙක්ටයාර 15,000ක වී වගා කෙරෙන අතර කෙසෙල්, පැපොල් වැනි බහු ආර්ථික බෝග හෙක්ටයාර 5,200ක වගා කෙරේ.

මීට අමතරව හෙක්ටයාර 600 උක් සහ හෙක්ටයාර 640 ක එළවළු වගා කරනු ලබයි. බඩඉරිඟු, සෝයා, මිරිස් වැනි අතිරේක බෝග වගා කෙරෙන්නේ හෙක්ටයාර 400ක වැනි ප්‍රමාණයකය. ජලය නොමැතිවීමත් සමඟ ඇතැම් ගොවිබිම් මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර එම ගොවිබිම් ගවයින්ගේ ග්‍රහණයට නතුවී තිබෙන අයුරු දැකගත හැකිය.

වී ගොවිතැනට මෙන්ම කෙසෙල් වගාවට ද නියඟයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ. උඩවලව ජලාශයට ජලය සපයා ගත හැකි විකල්පය ලෙසින් සැළකෙන, සමනළ වැව ජලාශයේ ජල මට්ටම අද දිනය වන විට සියයට 13.2 ක් ලෙස දැක්විය.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ උඩවලව ජලාශයට ලබාදීමට තරම් සමනල වැව ජලාශයේ ජල ධාරිතාවයද ප්‍රමාණවත් නොවන බවය. ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති පස්බිමක, එවක ජලාශයට යටවූ කිංචිගුණේ පෞරාණික ගංගාරාම විහාරස්ථානයේ නටඹුන් ද මතුව තිබේ.

මෙවන් පසුබිමක වගාවට ජලය ඉල්ලා ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 14කි. මේ අතර, උඩවලව ජලාශයේ පවතින ජල ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවි සංවිධාන සමඟ පවත්වා තිබේ.

අද (06) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දි එම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා වේ. එම සාකච්ඡාව සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිලධාරීන් සහ මහවැලි අධිකාරියේ නිලධාරීන් සහභාගී වී තිබේ.

කෙසේවෙතත් මෙම ජල ගැටලුව සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ විසඳුම් ලැබෙනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago