මහියංගණ මුලික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාවක් විසින් රෝහලේ ආපන ශාලාවෙන් මිළදී ගන්නා ලද රටේ ප්‍රසිද්ධ සන්නාමයක් දරණ, දේශිය නිෂ්පාදිත, චොක්ලට් එකක් තුළ තිබී මිනිස් සිරුරකින් වෙන්වී ගිය “මහපට ඇඟිල්ලක“ කොටසක් ඊයේ (05) දහවල් හමු වී ඇති අතර පසු ඒ පිළිබඳව මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය දැනුවත් කිරිමෙන් පසු, මහියංගණ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ විශේෂ පරික්ෂාවකට ලක් කෙරිණි.
මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් අදාල ආපන ශාලාව පරික්ෂා කිරිමෙන් අනතුරුව එම චොක්ලට් නිෂ්පාදනයට අදාළ ඛාණ්ඩයේ අනෙකුත් චොක්ලට් නිෂ්පාදන සිය භාරයට ගැනීමෙන් අනතුරුව, මහියංගණ නගරයේ සුපිරි වෙළෙද සැල්ද පරික්ෂාකර, අදාල ඛාණ්ඩයේ චොක්ලට් සිය භාරයට ගැනීම සිදු කරනු ලැබීය.
රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකාව විසින් මිළදී ගත් චොක්ලට් එක පසුගිය 03 දින මිළදී ගෙන ඇති අතර එහි කොටසක් ආහාරයට ගෙන ඉතිරි කොටස ශීතකරණයේ තබා ඊයේ (05) දින ආහාරයට ගත් අවස්ථාවේ සැපනේනේ ඝණ නැති යමක් මුවට දැනුනත්, අදාළ චොක්ලට් එක “පෘට් ඇන් නට්“ වර්ගයේ එකක් වීම නිසා, එම ආහාර කොටසක් විය හැකි යැයි සිතා දැඩිව සපා ඇති අතර එහිදී එම අවස්ථාවේදී ද කැබලි නොවු කොටස අතට ගෙන ජල කරාමයට අල්ලා සෝදා බැලීමේ දි එම කොටස මිනිස් ඇගිල්ලක් යැයි දැක හයියනේ කෑ ගසා ඇත.
ඇයගේ කෑ ගැසීමට ඇයගේ සමීපතමයන් පැමිණ සිද්ධිය පිළිබද විමසා රෝහල් වෛද්‍ය අධිකාරිවරයා හට දැනුම් දීමෙන් අනතුරුව, මහියංගණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය (MOH) දැනුවත් කිරිමෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ගේ පරික්ෂාවට ලක් කෙරිනි.
ඇයට ඇති වු අප්‍රසන්න පිළීකුල් හැගීම හේතුවෙන් ඇයට වමනය ද සිදුව ඇති බවට පැවසේ. සිද්ධියට අදාල චොක්ලට් නිෂ්පාදන ආයතනයට විරුද්ධව, එලැබෙන (07) දින සදුදා මහියංගණ අධිකරණය වෙත කරුණු වාර්ථා කිරිමෙන් අනතුරුව නිතිමය පියවර ගැනිමට මහියංගණ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් පියවර ගනු ලැබේ.
මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සහන් සමරවීර මහතා හා මහියංගන මහජන සෞඛ්‍ය පරීක්ෂක චාමින්ද රත්නායක මහතා අමිල අබේසේකර සල්මන් ෆාරිස් යන මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් කණ්ඩායම විසින් සිද්ධියට අදාල රාජකාරි කටයුතු සිදු කරනු ලබති.
අප වාර්තාකරු සඳහන් කළේ අදාළ නිලධාරිනිය මේ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණිලි කර ඇති බවයි. එහිදී සිදු කළ පරීක්ෂණයක දී එම නියපොත්ත සහිත මිනිස් ඇඟිල්ලක මුල් පුරුකක් බවට තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂක චාමින්ද රත්නායක පවසා තිබෙනවා.
ඒ අනුව අදාළ ඇඟිලි කොටස සහ එය තිබු බව කියන චොකලට් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තම භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලබන සඳුදා (07) මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…