Uncategorized

චීන කාන්තාවකට පොල්ලකින් පහර දුන් සැකකරුවන් අත්අඩංගුවට !

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරමින් සිය දුරකථනයෙන් අවට වීඩියෝගත කළ චීන ජාතික කාන්තාවකගේ දුරකථනය මංකොල්ල කෑමට දුම්රිය මාර්ගයේ සිට පොල්ලකින් පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් ඊයේ (06) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට පොලිසිය මෙහෙයුමක් දියත් කර තිබේ.

ලියු කුයින් නැමති චීන ජාතික කාන්තාව, ඇයගේ සැමියා සහ දියණිය සමග ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ, මාර්ග උපදේශකයෙකු සමග ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ඊයේ (06) දින දුම්රියෙන් ගමන් කරමින් සිට ඇත.

ඇය දුම්රිය ජනේලයෙන් පිටත දසුන් සිය ජංගම දුරකථනයෙන් විඩියෝගත කරමින් ගමන් කරමින් සිට තිබේ. දුම්රිය නාවලපිටිය ඉගුරුඔය දුම්රිය ස්ථානයට ළගා වෙද්දී දුම්රිය මාර්ගය අසල රැඳී සිටි තරුණයන් තිදෙනෙකුගෙන් එක් අයෙකු දිගු පොල්ලකින් විඩියෝගත කරමින් සිටි කාන්තාවගේ අතට තද පහරක් එල්ල කර තිබේ.

එම තරුණයන් පහර දෙන දර්ශන ඇයගේ දුරකථනයේ පටිගත වී ඇති අතර, පහර දීම නිසා ඇයගේ අතට තුවාල සිදු වී තිබේ.

පසුව ඇය සිද්ධිය සම්බන්ධයෙන් මාර්ග උපදේශකයාට දැනුම් දී ඇත. ඉන් අනතුරුව තමන්ට සිදුවූ අකටයුත්ත මාර්ගෝපදේශක හරහා චීන භාෂාවෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරගෙන ජංගම දුරකථනයේ පටිගතව තිබූ වීඩියෝ දර්ශනත් සමග නාවලපිටිය පොලිසිය වෙත වට්ස්ඇප් මාර්ගයෙන් යොමුකර ඇත.

ඒ ඔස්සේ ක්‍රියාත්මක වු නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය ඇතුළු පොලිස් නිලධාරින් නාවලපිටිය ඉගුරුඔය දුම්රිය ස්ථානය වෙත ගොස් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට සමත් වී ඇත.

තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිම සඳහා පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නාවලපිටිය ඉගුරුඔය ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, ඔවුන් අවු 22 – 24 වයස් කාණ්ඩ වල පසුවන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් බවත් නාවලපිටිය පොලිසිය පවසයි.

මෙම පුද්ගලයින් මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ ඇප මත මුදා හැර සිටින පිරිසකි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago