බම්බලපිටිය මුහුදු මාවතේ වෙඩිතැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ මුහුදු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.
එහිදී වෑන් රථයක සිටි නාඳුනන පිරිසක් විසින් මෝටර් රථයක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය සිදුකර තිබේ.
වෙඩි තැබීමෙන් මෝටර් රථයට උණ්ඩ කිහිපයක් වැදී ඇති බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරය එල්ලවීමත් සමඟ එම වෑන් රථය සහ මෝටර් රථය එම ස්ථානයෙන් පළාගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලීසිය එම ස්ථානයේ තිබී හිස් පතොරම් කොපු කිහිපයක් සොයාගෙන තිබේ.
වෙඩිතැබීම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…