විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කිරීම සඳහා ඉල්ලුම් කෙරෙන විභාග සහතික පත්‍ර අද (07) සිට අයදුම්කරුවන්ට මාර්ගගත ක්‍රමයට ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු ආරම්භ කරනු ලැබ ඇත.
ඒ අනුව මින් ඉදිරියට එම සහතික පත්‍ර ලබා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණීම අවශ්‍ය නොවන බවත් 2001 වසරේ සිට පැවැති සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා මෙම ක්‍රමය අදාළ වන බවත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සහතික පත්‍රයේ දෘඪ පිටපතක් වෙනුවට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සහතික කරනු ලැබූ විභාග සහතිකයේ ඩිජිටල් පිටපතක් අයදුම්කරුගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කෙරෙන බවත් විභාග දෙපාර්තමේන්තුවට අදාළ ඉල්ලීම ලද අවස්ථාවේ සිට මෙම ක්‍රියාවලිය පිළිබඳ කෙටි පණිවුඩ මගින් අයදුම්කරු දැනුවත් කරනු ලබන බවත් එහි සඳහන් වෙයි.
මෙම සහතික පත්‍රය බාහිර පාර්ශ්වයන් සඳහා මාර්ගගතව සනාථ කරගත හැකි වන අතර ඒ සඳහා certificate.doenets.lk යටතේ ඇති issued online certificate මගින් එම පහසුකම සලසා ගත හැකි බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත. මේ සම්බන්ධයෙන් යම් විමසීමක් කෙරෙන්නේ නම් 1911, 0112788137, 0112784323 යන දුරකථන අංක අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…