සකර්බර්ග් සහ ඊලෝන් මස්ක් අතර මික්ස් මාර්ෂල් ආර්ට් සටන Twitter ඔස්සේ සජීවීව !

ෆේස්බුක් සමාගමේ ප්‍රධානි මාර්ක් සකර්බර්ග් සහ තමන් අතර කූඩුවක් තුළ පැවැත්වීමට නියමිත මික්ස් මාර්ෂල් ආර්ට් සටන Twitter සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී ව විකාශනය කෙරෙනු ඇතැයි ටෙස්ලා ප්‍රධානී ඊලෝන් මස්ක් ඊයේ (06) සිය Twitter ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

ජිම් එකකට යෑමට කාලයක් නොමැති බැවින් සටනට පුහුණු වීම සඳහා තමා රාජකාරි සිදු කරන අතරතුර බර උසුලා ව්‍යායාම් වල නිරත වන බව මස්ක් පෙන්වා දී ඇත.

ඉන් ලැබෙන ආදායම සුබ සාධන කටයුතු සඳහා වෙන් කෙරෙනු ඇති බව එම සටහනේ සඳහන් කර තිබිණ.

ඊලෝන් මස්ක්ගේ මෙම සටහන සම්බන්ධව මාර්ක් සකර්බර්ග් ඔහුගේ Threads සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ තමා ඊලෝන් මස්ක් සමඟ සටන් කිරීමට ඕනෑම දිනක සූදානම් බවත් ඒ සඳහා එළඹෙන 26 වැනිදා යෝජනා කර සිටින බවත්ය.

නමුත් ඊලෝන් මසක් සටන සඳහා පුහුණු වන බව පවසා සිටියත් සටන පැවැත්වීම සඳහා දිනයක් තවමත් තහවුරු කර නොමැති බව මාර්ක් සකර්බර්ග් පවසා ඇත.

එසේම ඔහු පෙන්වා දී ඇත්තේ සුබ සාධන කටයුතු සඳහා මුදල් එකතු කිරීමට ඊලෝන් මස්ක්ගේ X සමාජ මාධ්‍ය ජාලයට වඩා තමාගේ සමාජ මාධ්‍ය ජාලයට වැඩි පළපුරුද්දක් තිබෙන බවයි.

Post by @zuck
View on Threads
Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago