ශ්‍රී ලංකා

දරු දෙදෙනෙකු සහ කාන්තාවක් පැහැරගත් දෙදෙනෙකු අත්අඩංගුවට !

දක්ෂිණ අධිවේගී ගැලනිගම මාතර දෙසට ඇතුල්වීමේ දොරටුව අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකුගේ ක්ෂණික ක්‍රියාත්මකවීමෙන් පැහැරගෙන යමින් සිටි තිස් හත්හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ වයස අවුරුදු 7 හා 15 දරු දෙදෙනා සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතර කාන්තාව නීත්‍යානුකූල සැමියා ද වන බව පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ තිබූ මන්නයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

පැහැරගැනීමට ලක්වූ කාන්තාවගේ පළමු සැමියා මිය යාමෙන් අනතුරුව දෙවන සැමියා ලෙස නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පුද්ගලයකු සමඟ කාලයක් ගත කර දෙදෙනා අතර ඇතිවූ අමනාපයක් මත වෙන්වී තෙවන සැමියා වන ප්‍රධාන සැකකරු සමඟ නීත්‍යානුකූලව විවාහ වී ගාල්ල තල්පේ ප්‍රදේශයේ පදිංචිව සිට තිබේ.

අනතුරුව එම පුද්ගලයා සමගද අමනාප වූ කාන්තාව දරු දෙදෙනා සමඟ බණ්ඩාරගම ගුන් ගුමුව නිවසට පැමිණ සිටියදී ප්‍රධාන සැකකරු ඔහුගේ මිතුරකු සමඟ මෝටර් රථයෙන් එම නිවසට කඩා වැදී තර්ජනය කර එම කාන්තාව සහ දරු දෙදෙනා පැහැරගෙන මෝටර් රථයේ නංවාගෙන අධිවේගී මාර්ග ඔස්සේ මාතර දෙසට යාම සඳහා පැමිණ ප්‍රවේශ පත්‍රය ලබා ගැනීම සඳහා පිවිසුම අසල නතර කිරීමේදී ” මාව බේරා ගන්න” යැයි මහ හයියෙන් කාන්තාවක් කෑගසන හඬ ඇසුණු පොලිස් සැරයන්වරයා වහා ක්‍රියාත්මක වී මෝටර් රථය නවතා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යුහුසුළු වී ඇතැයි පොලිසිය කීවේය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago