අපරාධ කල්ලි සාමාජිකයන්ට සහය ලබාදුන් බවට හඳුනා ගත් මාතර බන්ධනාගාරයේ ජේලර්වරයෙකු ඇතුළු නිලධාරීන් 5 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිකුණාමලය ඇතුළු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබේ.
මාතර බන්ධනාගාරයේ සිට ගාල්ල බන්ධනාගාරය වෙත ස්ථාන මාරු වී පැමිණි බන්ධනාගාර නියාමකවරයෙකුට සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් යැයි සැක කරන දස දෙනෙකුගෙන් පමණ යුත් මැර පිරිසක් පසුගිය දා වැලිගම නගරයේ බස් රථයක් තුළදී පහර දුන් බව කියන සිද්ධියට අදාළව බන්ධනාගාර බුද්ධි අංශය සිදුකළ විමර්ශනයකදී මෙම නිලධාරීන් පස්දෙනා මාතර බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධ කල්ලි සාමාජිකයන්ට විවිධාකාරයෙන් සහය දක්වා ඇති බවට හඳුනාගෙන තිබේ.
මාතර බන්ධනාගාරයේ සිර මැදිරි තුළ සිදුවන දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ නොමැති රැඳවූවන් පිරිසක් හා එහි රඳවා සිටින අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් අතර මීට පෙරදී ඇති වූ ගැටුමේදී මෙම නිලධාරීන් පස්දෙනා එම අපරාධ කල්ලි සාමාජිකයන්ගේ පැත්ත ගෙන ඔවුන්ගේ දූෂිත ක්‍රියාකාරකම්වලට සහය ලබා දෙමින් විවිධ වංචා දූෂණවලට සම්බන්ධව ඇති බවට එම බුද්ධි ඒකකය තොරතුරු හෙළි කරගෙන ඇත.
එම අපරාධ කල්ලි සාමාජිකයන්ගෙන් මෙම නිලධාරීන්ගේ ගිණුම්වලට මුදල් බැර වී තිබේ ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…