LPL තරඟාවලියට සම්බන්ධ වූ MTFE පිලිබඳව විමර්ශනයක් – මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරයි !

2023 ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියේ අනුග්‍රාහකයෙකු ලෙසද කටයුතු කළ MTFE ආයතනයට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා.

අප කළ විමසීමකදී ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව තහවුරු කළ අතර ඔවුන් පවසා සිටියේ අදාළ ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි සමාගමක් නොවන බවයි.

එම ආයතනය 2023 ලංකා ප්‍රිමියර් ලිග් තරගාවලියේ අනුග්‍රාහකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයි.පී.ජි සමාගම සමඟ ගිවිසුම් ගතව තිබූ අතර ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ජර්සියේ මෙම සමාගමේ ලාංජනය මුද්‍රණය කිරීමටත් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණවල ප්‍රචාරණ කටයුතු සිදු කිරීමටත් එම ආයතන කටයුතු කර තිබෙන අයුරු දක්නට ලැබුණා.

කෙසේ වෙතත් පිරමිඩ සමාගමක් ලෙස කටයුතු කරන බවට මෙම සමාගමට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධය එල්ලවීමත් සමඟ එම සමාගම එල්.පී.එල්. අනුග්‍රහකත්වය ඉවත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයි.පී.ජී සමාගම පසුව කටයුතු කළා.

මේ අතර, සෘජුව හෝ වක්‍රව පිරමීඩ යෝජනා ක්‍රමවල නිරත වීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා මහබැංකුව විශේෂ දැනුම් දීමක් සිදුකරනවා.

පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන වංචාකරුවන් පිළිබඳ විමර්ශනය කෙරෙමින් පවතින බවයි මහබැංකුව පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව තුළ පිරමිඩ යෝජනා ක්‍රම නීතිවිරෝධී බවද එහි සඳහන්. එසේම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමිඩ යෝජනා ක්‍රම 08ක් පිළිබඳව මාධ්‍යයන් ඔස්සේ මේවන විටත් මහජනතාව දැනුවත් කර තිබෙනවා.

  • Tiens Lanka Health Care (Pvt) Ltd.
  • Best Life Inte ational (Pvt) Ltd.
  • Global Lifestyle Lanka (Pvt) Ltd.
  • Mark-Wo International (Pvt) Ltd.
  • V M L Inte ational (Pvt) Ltd.
  • Fast 3Cycle International (Pvt) Ltd (F3C)
  • Sport Chain App, Sports Chain ZS Society Sri Lanka
  • OnmaxDT

කෙසේ නමුත් එම ලැයිස්තුවේ දැනට ක්‍රියාත්මක සියලුම පිරමිඩ යෝජනා ක්‍රම අඩංගු නොවිය හැකි බැවින් වෙනත් පිරමිඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන වංචාකරුවන් තවත් සිටිය හැකි බැවින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඒවා පිළිබඳ විමර්ශනය කරමින් සිටින බවයි පවසන්නේ.

ප්‍රකට ක්‍රීඩා, ආගමික සහ විනෝදාස්වාදජනක අවස්ථා සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම මගින් ඔවුන් යහපත් පුද්ගලයන් සේ සමාජයේ පෙනී සිටීමට උත්සහ ගන්නා බව ද මහබැංකුව සඳහන් කරනවා.

පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගි වීම දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් ඉන් වැළකී සිටින ලෙස ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago