දින කීපයකට ඉහතදී මිය ගිය ළදරුවකුගේ මෘත ශරීර කොටස් කීපයක් යාපනයේ වන්නර්පන්නෙයි ප්‍රදේශයේ පිහිටි ගොවිපලක් අසලින් 10දා ගම්වාසීන්ට හමු වී තිබේ.
මෙම බිළිඳු මළ සිරුරු කොටස් දැඩි ලෙස නරක් වී දුගද හමමින් පවතින බැවින් මේ පිළිබඳ සොයා බැලීමේදී මෙම කොටස් හමු වී ඇත.
ගම්වාසීන් සිද්ධිය පිළිබදව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ එම මෘත ශරීරයේ කොටස්වලට ආරක්ෂාව සලසා තිබේ.
මේ ස්ථානයට පැමිණි යාපනය වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා අදාල මෘත ශරීරයේ කොටස් යාපනය ශික්ෂණ රෝහල වෙත යවා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් පූර්ණ වාර්තාවක් ලබා ගෙන එය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෘත ශරීරය හදුනා ගැනීමට කටයුතු කරන ලෙසත් යාපනය පොලිසියට නියෝග කොට තිබේ.
යාපනය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…