ශ්‍රී ලංකා

ලාංකිකයින් 37ක් සහිත බස් රථයක් තුර්කියේදී අනතුරට පත්වෙයි !

තුර්කියේ, ඉස්තාන්බුල් ගුවන්තොටුපළේ ව්‍යාපෘතියක සේවය කරන ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් බස් රථයක් පෙරළී 27 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ ශ්‍රී ලාංකිකයින් 39 දෙනෙක් සිට ඇති බව වාර්තාවෙයි

තුර්කියේ ඉස්තාන්බුල් ගුවන් තොටුපොළේ සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘතියක සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක්  මෙලෙස අනතුරට ලක්ව ඇත.

වැඩ මුරය අවසන් කළ ශ්‍රී ලාංකිකයින් පිරිස බස් රථයකින් සිය නවාතැන් වෙත ගමන් කරද්දි ඉයුප්සුල්තාන් ප්‍රදේශයේදී බස් රථය පෙරළී තිබේ. 

උමං මාර්ගයක් මතින් ගමන් කරමින් තිබූ බස් රථය එකවර රියදුරාගේ පාලනයෙන් ගිලිහි ප්‍රධාන මාර්ගයෙන් පිටතට පැන මීටර් 6 ක් පමණ වන ප්‍රපාතයකට ඇද වැටී ඇති බව වාර්තාවෙයි.

තුර්කි ජාතික රියදුරා සමග ශ්‍රී ලාංකිකයින් 39 දෙනෙකු එම අවස්ථාවේ බස් රථය තුළ සිට ඇති අතර ඉන් 27 දෙනෙකු තුවාල ලබා ඇතැයි පැවසෙයි.

මේ අතර අනතුරින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සොයා බැලීම සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයෙකු ඉස්තාන්බුල් දක්වා පිටත්කර යැවීමට පියවර ගන්නා බව තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 

අනතුර සම්බන්ධයෙන් අදහ දැක්වූ ඉයුප්සුල්තාන් දිස්ත්‍රික් ආණ්ඩුකාර ඉහසන් කාරා මෙසේ පැවසීය,

බස් රථය ඇද වැටෙන අවස්ථාවේ ඒ තුළ 39 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සිට තිබෙනවා. නමුත් දෙවියන්ට ස්තුති වන්නට ඔවුන් කාටවත් බරපතළ අනතුරක් නැහැ වගේම ජීවිත හානියකුත් නැහැ. අපි ඔවුන් ගිලන්රථ හරහා කඩිනමින් රෝහල්ගත කිරීමට ක්‍රියා කළා. තුවාල ලැබූවන් ගණන 27 ක්. ඔවුන් සියල්ල දැන් ප්‍රතිකාර ගනිමින් සිටිනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago