ලිහිසිතෙල් ආනයනය කිරීමේ බලපත්‍ර වසර තුනකට වරක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ බව දැනුම්දී තිබේ.
විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවති එම සාකච්ඡාවට මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන සමාගම්වල නියෝජිතයන්ද එක්ව ඇත.
එහිදී රජයේ නව රෙගුලාසි, රජයේ ප්‍රතිපත්ති තීරණ සහ අනෙකුත් කරුණු කීපයක් සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කල යෝජනා සාකච්ඡා කර ඇත.
මේ අතර සියලුම ආනයනික ලිහිසි තෙල් වර්ග වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම් ගතව ඇති 1200කට ආසන්න ප්‍රමාණයක් වන පිරවුම්හල්වල විකිණිමට පහසුකම් සලසන බවද අමාත්‍යවරයා පවසයි.
එමගින් පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත ඒවා මිලට ගැනිමේ අවස්ථාව උදාවනු ඇති. වෙළෙඳපොළ ඒකාධිකාරයක් ඇති නොවන පරිදි, ගුණාත්මක නිෂ්පාදන සියල්ල වෙනුවෙන් යහපත් තරගකාරී වෙළෙඳපොළක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී පැහැදිළි කර තිබේ.
අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ මෙරට බලශක්ති ක්ෂේත්‍රය නියාමන කිරීමට නව ස්වාධීන නියාමන ආයතනයක් ලබන වසරේදී ස්ථාපනය වන බවය.
සමස්ථ බලශක්ති ක්ෂේත්‍රයම ආවරණය වන නියාමන ක්‍රියාවලියක් එමගින් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පවසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…